ඉතින් මෙන්න මෙහමයි ඔබට අපිට උදව් කරන්න පුළුවන්.......

ඔබ අපිට පුස්තකාල පොත් දෙන්න ....
සිංහල,දෙමළ, ඉංග්‍රීසි අලුත් පොත් එහෙමත් නැතිනම් ඔබේ ගෙදර තියෙන ඔබ රසවිඳපු හොඳ තත්වයේ තියෙන පොතක් ළමා ප්‍රබන්ධ, චරිත කතා, කෙටි කතා, පරිවර්තන, විද්‍යා කෘති, ආගමික කෘති , ඉතිහාස සහ සමාජයීය කෘති, සෞන්දර්යය පොත් මේ වගේ ළමා මනසට සුදුසු පොත් ..ඔබට පුළුවන් තරමක්

පුළුවන් නම් ඔබේ ආයතනයේ, දහම් පාසලේ, පාසලේ, අධ්‍යාපන ආයතනයේ, රැකියා ස්ථානයේ එහෙමත් නැත්තම් ඔබේ ගමේ මිතුරන්ගෙන්, නෑදෑයන්ගෙන් පුළුවන් තරමක් පොත් එකතු කරලා අපිට භාර දෙන්න ...

ඔබ අපිට දෙන එක පොත පොත එකතු වෙලා තමයි පුස්තකාල දහස් ගණනක් ආරම්භ වෙන්නේ ,ඒක නිසා මේ සටහන කියවල විතරක් නතර වෙන්නනම් එපා වැරදිලාවත් ...

ඔබ පොත් එකතු කරලා -0716315399( අමිල) 0714476276(නවින්ද) දුරකථන අංක වලට දැන්නුවම ඔවුන් ඔබෙන් පොත් භාර ගන්න කටයුතු කරාවි. බොහෝ වෙලාවට ඔබේ නිවසටම හෝ නැත්තම් ඔබට පහසු ස්ථානයකදී ..ඉතින් ඔබට කිසිම මහන්සියක් නෑ.
ඔබ මාතර ගාල්ල කොළඹ නුවර ඉන්නවනම් ඔවුන් ඔබව අපේ පොත් භාර ගැනීමේ මධ්‍යස්ථානවලට සම්භන්ධ කරාවි
ඔබ අපට දෙන පොත් වලට එවෙලේම ඔබට කුවිතාන්සියක් ලැබෙනවා
.ඒ වගේම ඔබ දුන් පරිත්‍යාගය අපේ වෙබ් අඩවියෙත් දිස් වෙනවා.


එහෙමත් නැත්තම් ඔබට පුළුවන් පොත් මිලදී ගැනීම සදහා අපිට book vouchers ලබා දෙන්න.......
ඔබ කැමති පොත් වෙලදසලකින් කැමති වටිනාකමක.....
ඉන් මිලදී ගනිපු පොත් වලට අදාල බිල්පත් ඔබට පරික්ෂා කරන්නත් පුළුවන්....

මේ කිසිම ක්‍රමයකට ඔබට අපිට උදව් කරන්නට අපහසු නම් ඔබට පුළුවන් මුල්‍යමය පරිත්‍යාගයක් කරන්න......
අපිට ලැබෙන එවැනි පරිත්‍යාග පිළිබද අපේ වෙබ් අඩවියේ අපි සටහන් කරනවා..
 අපේ ගිණුම් අංකය 7272872 ලංකා බැංකුව මාතර අධි ශ්‍රේණිය ශාඛාව

මේ ඇරුනම අපිට උදව් කරන්න ඔබට තියෙන හොදම විදිය තමයි ඔබට හැකි උපරිමෙන් මේ ගැන අනිත් අයව දැනුවත් කරන එක..ඒක සෑහෙන වටිනවා..

අනිත් දේ අපිට උදව් කරාවි කියලා ඔබට හිතෙන අයව අපිට සම්බන්ධ කරලා දෙන එක..........

ඔබ ලබා දුන් සෑම පොතක්ම අවසානයේ අප ලබා දුන්නේ මොන පාසලටද යන්න අපේ වෙබ් අඩවිය තුලින් දැනගන්න අවස්ථාව සලසන්නත් අප බලාපොරොත්තු වෙනවා


 
ඉතින්.අපි හිතනවා ඔබ අපිට උදව් කරාවි කියලා.මොකද මේ වැඩපිලිවෙල සාර්ථක වෙන්නේ එහෙම වුනොත් විතරයි


බඳ අප කදු නොවෙමු - උනුන් පරයා නැගෙන ......
සො
ඳුරු අඬහැරය වෙමු - දනන් නින්දෙන් මුදන ......





සෙ‍නෙහසේ අරුණැල්ල
මේ ඔබේ මොහොතයි.........
සෙනෙහසේ අරුණැල්ල අපි ආරම්භ කරේ අධිශ්ටානය සහ බලාපොරොත්තු විතරක් හිතේ තියා ගෙන..
ඒ වගේම අපිට වුවමනාව තිබුණා අපි හලන දහඩිය කදුළුවලින් රටේ හෙට දවසට ලොකු වෙනසක් කරන්න ....
එතෙනේදී අපේ තනියට අපිට තිබුනේ ඔබ ගැන විශ්වාසය පමණයි..

අපි ඇදහුවා අපි තනි වෙලා නෑ කියලා...
තමන්ගේ රට වෙනුවෙන් තමන්ට පුළුවන් දෙයක් කරන්න ඔබ පැකිලෙන්නේ නැහැ කියලා අපි ඇදහුවා ....
ඔබේ හදවතේ තියෙන මනුස්සකම, සහෝදරකම නිසා, හදවතේ දුවන රතු ලේ වල උණුහුම නිසා, අපේ රටේ හෙට වෙනුවෙන් ඔබ අපිත් එක්ක එකතු වෙයි කියලා අපි හිතනවා......
Create A Free Website With WebStarts.com