
Double click here to edit this text.

" සෙනෙහසේ අරුණැල්ල " කියන්නේ මොකද්ද කියල දැන ගන්න කුතුහලයෙන්, සෙනෙහසේ අරුණැල්ල වෙබ් අඩවියට පැමිණි ඔබ ගෞරවයෙන්, ආදරයෙන් පිලිගන්නවා ....
ඇත්තම කියනවනම් සෙනෙහසේ අරුණැල්ල කියන්නේ සිහිනයක් ... ඒ සිහිනය ජයගන්න පුරන අධිෂ්ටාන පාරමිතාවක් ....
සෙනෙහසේ අරුණැල්ල පළමු පියවර තබන්නේ මාතර රාහුලයෙන් ...ආදී සහ වර්තමාන සිසුන් , ශිෂ්‍යනායකයින් සහ බාලදක්ෂයින් එක්ව ....
තමන්ගේම ස්නේහවන්ත සහෝදරයින්ට ලස්සන හෙටක් උදා කරන්න මේ දකින සිහිනය සිහිනයක්ම නොවී සැබෑ කරගන්න යෝධ ශක්තියක් වෙන්නේ දකුණු පළාතේ අනිකුත් සහෝදර පාසල්, දහම් පාසල්....
ඔවුන් හැමෝම එකා වගේ දහඩිය මහන්සිය වගුරලා මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න උත්සහ කරද්දී ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ලබන සහෝදර ශිෂ්‍ය ප්‍රජාවත් මේ වෑයමට මහඟු දිරියක් වුනා ...
ඉතින් මොකද්ද මේ සිහිනය ..මොකටද මේ සටන... ???? ඔව්..ඔබට ප්‍රශ්න ගොඩක් ඇති...
ඒ වගේම මිනිසත් කම අදුරන ඔබත් අපිත් එක්ක එකතු වෙලා තමන්ගේ රට වෙනුවෙන් , තමන්ගේ රටේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න කැමති ඇති...ඉතින් ...ඔබව දෙනුවත් කරන්නයි අපි සැරසෙන්නේ .....
"තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි වැඩක් නැතේ "